අයි.එස්. ලාංකිකයන් අල්ලන්න මහ මෙහෙයුමක්

අයි. එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සොයා ඇමෙරිකාව සහ මෙරට බුද්ධි අංශ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව බුද්ධි අංශ ප්‍...

අයි. එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සොයා ඇමෙරිකාව සහ මෙරට බුද්ධි අංශ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව බුද්ධි අංශ ප්‍රධානියෙක් ප්‍රකාශ කල බව රිවිර සඳහන් කරයි.

ඒ අනුව ඇමෙරිකාව පූර්ණ වශයෙන් ශ්‍රී ලාංකික අයි.එස් සාමාජිකයන් හඳුනා ගැනීමට මෙරට බුද්ධි අංශවලට සහය පළ කරන අතර යුරෝපා රටවල් කිහිපයක්ද මෙම මෙහෙයුමට එක්ව සිටින බව හෙතම පැවැසීය.

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී සිටියදී පසුගිය ජුලි 11 වැනිදා ශ්‍රී ලාංකිකයකු වන ෂප්රාස් නීලම් මුජීන් (අබු සුරෙයියාහ් සෙයිලනි) ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්විය.

මෙම මරණය සම්බන්ධයෙන් ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරයක් ලබා දුන් නීලම්ගේ මස්සිනා බව කියන තාජුඩීන් තස්තර් අහමඩ් මෙන්ම නීලම්ගේ පවු‍ලේ සාමාජිකයන් විස්සකට වැඩි පිරිසක් අයි.එස්. ත්‍රස්ත සංවිධානයට එක්ව ඇති බව බුද්ධි අංශ තොරතුරු හෙළි කර ගෙන තිබිණි.

ඔවුන් සියලු දෙනාම පාහේ මේ වනවිට සිරියාවට පැන ගොස් සිටින බවටද මෙරට බුද්ධි අංශ මීට පෙර හෙළිදරව් කළේය. අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී සිටින නීලම්ගේ මස්සිනා බව කියන තාජුඩීන් සමාජ ජාල ගිණුම් දහයකට වැඩි ගණනක් විවිධ ව්‍යාජ නම් යොදා ගනිමින් පසුගිය කාලයේ භාවිතා කර ඇති බවද අනාවරණය විය.

මෙම සමාජ ජාල ගිණුම් ඔස්සේ ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන්ද මේ වනවිට බුද්ධි අංශවලට තොරතුරු ලැබි තිබේ.

ඒ නිසා එවැනි සැක කටයුතු පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා මේ වනවිට කටුනායක හා මත්තල ගුවන් තොටුපළවල් මෙන්ම වාරායන්හි ආගමන විගමන අංශ දැනුවත් කිරීමට මෙරට බුද්ධි අංශ පියවර ගෙන ඇත.

මෙම මෙහෙයුමට අදාළ තොරතුරු අධ්‍යයනය සඳහා මෙරට බුද්ධි අංශ සමාජිකයන් මේ වනවිට විදෙස්ගතවී ඇති බවද නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මහ මැතිවරණය අවසන් වූ පසුව අයි.එස් ත්‍රස්තවාදීන් සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4284163453907745305

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item