ෆෙඩරල් දෙනතුරු ඇමැතිකම් ගන්නේ නෑ – ආර්. සම්බන්ධන්
උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් වශයෙන් ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදෙන තුරු මීළඟ රජයේ අමාත්‍ය ධුර හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් ලබා නොගන...

https://www.sathhanda.com/2015/08/sri-lanka-fedaral-r-sampanthan.html
දේශපාලන විසඳුමක් සොයා අප යන ගමන කිසිවිටකත් කිසිවකුට නැවැත්විය නොහැකි බවද ආර්. සම්බන්ධන් මහතා අවධාරණය කළේය. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සොයන දේශපාලන විසඳුම පැහැදිලිව තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
ඒ අනුව 2016 වසර අවසන් වීමට පෙර උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර සියලු බලතල සහිත ෆෙඩරල් පාලන ක්‍රමයක් අනිවාර්යයෙන්ම ගෙන ඒමට හැකිවනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවද සම්බන්ධන් මහතා පැවසීය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු පිහිටුවීමට සැලසුම් කර තිබෙන ජාතික ආණ්ඩුව තුළින් තම පක්ෂයට හෝ තමන්ට අමාත්‍ය ධුර හෝ වරප්‍රසාද පිළිගැන්වුවද දේශපාලන විසඳුම ලැබෙන තෙක් ඒවා පිළි නොගන්නා බව හෙතෙම කීය.
මේ අතර දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාව ඔස්සේද ශ්‍රී ලංකාවට බල කෙරෙනු ඇති බවට සම්බන්ධන් මහතා විශ්වාසය පළ කළේය.
Related