එජාපයේ මාධ්‍ය ප්‍රකාශක චන්ද්‍රිකා - ජනක බණ්ඩාර
චන්ද්‍රිකා කළ ප්‍රකාශය ගැන තමා ඉතා කණගාටුවට පත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන චන්ද්‍රිකාගේ අවැඩක් වන ප්‍රකාශයෙන් ශ්‍රී...
https://www.sathhanda.com/2015/08/janaka-bandara-thennakoon.html
චන්ද්‍රිකා කළ ප්‍රකාශය ගැන තමා ඉතා කණගාටුවට පත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන චන්ද්‍රිකාගේ අවැඩක් වන ප්‍රකාශයෙන් ශ්‍රීලනිපය ලොකු ගැටලුවකට මැදිවන බවත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය අද එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරිය බවට පත්ව ඇති බවද එජාපයට සහාය වන යමක් කිරීමට බණ්ඩාරනායක පවුලේ අයට නොහැකි බවද එය සිය දෙමාපියන්ට කරන අගෞරවයක් බව ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු ජනපතිනියගේ මාධ්‍ය නිවේදනය පක්ෂයට අවාසිදායක බව ද, එය තරයේ හෙළා දකින බවත් ඇගේ ප්‍රකාශය අසා තමන්ට දැඩි දුකක් වේදනාවක් දැනුණු බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.


Related