කච්චතිව් හි ඉන්දීය ජාතික ධජය එසවීමට උත්සාහ කල පුද්ගලයින් 37 ක් අත් අඩංගුවට!
ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් කච්චතිව් හි ඉන්දීය ජාතික ධජය එසවීමට උත්සාහ කල භාරත ජනතා පක්‍ෂයේ ආධාරකරුවන් 37 දෙනෙකු ඊයේ(15) දින රාමේෂ්වරම් ප...

https://www.sathhanda.com/2015/08/kachchatheevu-sri-lanka.html
දෙමළ ජනතාවට කච්චතිව් ප්‍රදේශයේ ඇති පාරම්පරික අයිතිය ස්ථාපිත කිරීමට, 69 වන ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් කච්චතිව් වෙත ගොස් ඉන්දීය ජාතික ධජය එසවීමට, ගෝවේ සිට භාරත ජනතා පක්‍ෂයේ මහලේකම් අන්නාතුරෙයිගේ ප්‍රධානත්වයෙන් යුත් ආධාරකරුවන් 37 දෙනෙකු දුම්රිය මගින් ඊයේ (15) දින උදෑසන රාමේෂ්වරම් ප්‍රදේශයට පැමිණ ඇත.
රාමේෂ්වරම් සිට බෝට්ටු මගින් කච්චතිව් ප්‍රදේශයට යාමට උත්සාහ කල අවස්ථාවේදී, එහි ආරක්‍ෂක කටයුතු වල නිරතවී සිටි පොලීසිය විසින් ඔවුන් 37 දෙනා අත් අඩංගුවට ගෙන ඇති බව දැනගැනීමට ලැබී ඇත.
Related