මේකප් එක නිසා ජීවිතය අහිමි වේ

රූපලාවන්‍ය සත්කාර ලබා ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ මහනුවර - මැද්දෙපතන - අම්පිටිය ප‍්‍රදේශයේ තරුණියගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙප...

රූපලාවන්‍ය සත්කාර ලබා ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ මහනුවර - මැද්දෙපතන - අම්පිටිය ප‍්‍රදේශයේ තරුණියගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. අද (20) පෙරවරුවේ මහනුවර පොලිස් මෘත ශරීරාගාරයේදී අදාළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රජයේ රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.ශිව සුබ‍්‍රමනියම්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුවා. අනතුරුවයි ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කර ඇත්තේ.

තම සේවා ආයතනයේ මිතුරියකගේ විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වීමට පෙර රූපලාවන්‍ය සත්කාරය ලබාගැනීම සඳහා ඇය ඊයේ පෙරවරුවේ මහනුවර - තැන්නේකුඹුර ප‍්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකට ගොස් තිබෙනවා. පසුව, ඇය රැකියාවේ නිරත මහනුවර පිහිිටි ඇඟලූම් කර්මාන්තශාලාවට පැමිණීමෙන් අනතුරුව රෝගී වී ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1594118510411210246

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item