මහින්දගෙන් මෛත්‍රීට තනිකොලේ ලියුමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද පිටු 05ක දීර්ඝ ලිපියට පිළිතුරක් ලෙස එක් පිටුවකින් යුත...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද පිටු 05ක දීර්ඝ ලිපියට පිළිතුරක් ලෙස එක් පිටුවකින් යුත් කෙටි ලිපියක් රාජපක්ෂ මහතා විසින් යවා තිබෙනවා. එම ලිපිය සම්පූණයෙන් පහතින් දැක්වෙනවා. 




හිතවත් සභාපතිතුමනි,

ඔබතුමා විසින් එවන ලද 2015.08.12 දිනැති ලිපිය 2015.08.13 වන දින ලද බව දන්වමි.

එම ලිපියේ සඳහන් වෙනත් පාර්ශවයකින් ලද තොරතුරු මත කරනු ලබන පදනම් විරහිත විවේචන එකහෙළා ප‍්‍රතික්ෂේප කරමි. 2015 මහමැතිවරණය ඉලක්ක කරගනිමින් සඳහන් කරුණු අනුව පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතරයක් ලබාගන්නා බව සඳහන් කිරීම ගැන මම සතුටු වෙමි.


මා 2015.01.09 දින ජනාධිපති මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වී අවසන් වීමට මත්තෙන් අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගියේත් ඉන් දින කීපයක් තුළදී ශ‍්‍රී.ල.නි.ප. යේ සභාපති ධූරය හා පක්‍ෂය ඔබ වෙත භාර කළේත් ඔබතුමාගේ ඉල්ලිම මත මා විසින් ගත් තීරණයක් අනුවය.


එහෙත් 2015 පෙබරවාරි මාසය වන විට බහුතර පාක්‍ෂිකයන් හා ජනතාවගේ ඉල්ලීම, නැවත ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට මා පෙළඹවූ බව සිහිපත් කරමි. මා 2015 ජනවාරි මස 09 වන දින මහජන මතයට ගරු කළ අයුරින්ම ඔබතුමාද 2015 මහමැතිවරණයේ දී මහජන මතයට ගරු කරනු ඇතැයි අපේක්‍ෂා කරමි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4460709271065102944

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item