සරසවි සිසුන්ටත් ඡන්දයට නිවාඩු – මැ.කො. ගෙන් උපකුලපතිවරුන්ට නියෝගයක්

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ලබා දෙන නිවාඩු කාලය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින...

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ලබා දෙන නිවාඩු කාලය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා උපකුලපතිවරුන්ට නියෝග කර තිබේ. ඒ අනුව දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල සහ තාක්ෂණික විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙත ඊයේ (13) නියෝග කළ බවද දේශප්‍රිය මහතා කීවේය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම්බිම් බලා යෑමට ප්‍රමාණවත් කාලයක් ලබාදීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කටයුතු නොකළ බවට සිසුන්ගෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන් කොමසාරිස්වරයා මෙම නියෝගය කර ඇත. ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන්ටද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නිවාඩුව ලබාදීමට කටයුතු නොකරන උපකුලපතිවරුන්ට එරෙහිව මැතිවරණ පනතට අනුව නීති මගින් කටයුතු කිරීමටද මැතිවරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඡන්දය භාවිතා කිරීම සඳහා අදාළ ස්ථානයේ සිට සිය ඡන්ද ‍පොළවල්වලට ඇති දුර ප්‍රමාණය අනුව නිවාඩුව තීරණය කෙරේ.

කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩු නම් ඔවුන් සඳහා ලැබෙන නිවාඩුව දින භාගයකි. කිලෝමීටර් 40 – 100 ත් අතර දුර නම් ඔවුන්ට දිනක නිවාඩුවක් ලැබේ. දින එක හමාරක නිවාඩුවක් ලැබෙන්නේ කිලෝමීටර් 100ත් 150 ත් අතර දුරක ඡන්ද‍පොළවල් ඇති පුද්ගලයින්ටය. කිලෝමීටර් 150 ට වැඩි නම් ඒ සඳහා ලැබෙන නිවාඩු දින ගණන දෙකකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2100951688157531734

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item