නාත්තණ්ඩියෙන් හමුවූ හිස සුන් මළ සිරුර බොරලැස්ගමුවේදී පැහැරගත් මතුගම පුද්ගලයෙකුගේ
නාත්තණ්ඩියෙන් හමුවූ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුර බොරලැස්ගමුවේදී පැහැර ගත් මතුගම පදිංචිව සිටි අයෙකුගේ බවට තොරතුරු හෙළි වී තිබෙනවා. පොලි...

https://www.sathhanda.com/2015/08/madampe_26.html
නාත්තණ්ඩියෙන් හමුවූ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුර බොරලැස්ගමුවේදී පැහැර ගත් මතුගම පදිංචිව සිටි අයෙකුගේ බවට තොරතුරු හෙළි වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ (25) රාත්‍රියේ මිය ගිය පුද්ගලයාගේ පියා විසින් මාරවිල රෝහලේදී දේහය හඳුනාගෙන ඇති බවයි. මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි මතුගම - මීගහතැන්න - පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.
හලාවත - මාරවිල - නාත්තණ්ඩිය - හොර වංගුව මාර්ගයේ 25 කණුව අසළ තිබී පෙරේදා රාත්‍රියේ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුරක් සොයා ගනු ලැබුවා. ඒ, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුවයි. කෙසේ වෙතත්, කුමන හේතුවක් මත මොහු පැහැරගෙන ගොස් ඝාතනය කළේ ද යන්න මෙතෙක් තොරතුරු හෙළි වී නැහැ.
සබැඳි පුවත්: අභිරහස් ලෙස ඝාතනය වූ හිස වෙන්වූ පිරිමි මළසිරුරක්
සබැඳි පුවත්: අභිරහස් ලෙස ඝාතනය වූ හිස වෙන්වූ පිරිමි මළසිරුරක්
Anga hiri vatenava, ahandath aprasannai.
ReplyDelete