තරුණ තරුණියන්ට මහින්දගෙන් ලිපියක්

එළඹෙන මහමැතිවරණයේ සිය ජයග්‍රහණය තහවුරු කිරීමට සමාජ මාධ්‍ය ජාල තුල ඇප කැප වී ක්‍රියා කරමින් සිටින දේශීය හා විදේශීය පාක්ෂිකයන්ට තමා හිස නවා...

එළඹෙන මහමැතිවරණයේ සිය ජයග්‍රහණය තහවුරු කිරීමට සමාජ මාධ්‍ය ජාල තුල ඇප කැප වී ක්‍රියා කරමින් සිටින දේශීය හා විදේශීය පාක්ෂිකයන්ට තමා හිස නවා ආචාර කරන බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත්කෙරුණු විවෘත ලිපියක් මගින් රාජපක්ෂ මහතා පවසා සිටින්නේ ඔහුගේ විරුද්ධවාදීන් අරාබි රටවල සිදු කෙරුණු ආකාරයට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු බෙදාහැරීමට කටයුතු කරන බවත් ඔහුට හිතවත් සහ රටට හිතවත් තරුණ තරුණියන් ඒවා පරාජය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ය.

එසේ අසත්‍ය තොරතුරු පතුරවන 'ඩොලර් කාක්කන්ට' එරෙහිව සටන් වැදීමේ ශක්තිය සමාජ මාධ්‍ය වල, විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය තුල ක්‍රියාකාරීව කටයුතු කරන නූතන තරුණ තරුණියන්ට ඇති බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට තමන්ගේ ගෞරවය පිරිනමන බවත් රාජපක්ෂ මහතා පවසයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2227975340313181978

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item