මෛත්‍රීගේ සහය සන්ධානයට පමණයි
මහ මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහය හිමිවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පමණක් බව ජනාධිපතිවරයා යටතේ ඇති 'සේමා'...

https://www.sathhanda.com/2015/08/upfa-government-ashoka-abeygunawardena.html
මහ මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහය හිමිවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පමණක් බව ජනාධිපතිවරයා යටතේ ඇති 'සේමා' (SEMA) ආයතනයේ සභාපති, අශෝක අබේගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.
එහෙයින් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයා විකිණිය නොහැකි බව ද ඔහු පවසයි.
අතුරලිය රතන හිමියන්ගේ 'පිවිතුරු හෙටක්' සංවිධානයේ ප්‍රධානියකු වන අශෝක අබේගුණවර්ධන මහතා මේබව සඳහන් කලේ අද උදැසන 'සිරස ටීවී' මගින් විකාශය කල 'පැතිකඩ' විශේෂ වැඩසටහනට එක්වෙමිනි.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය අංක එක බවට පත්වන අතරම, ඔවුනට පාර්ලිමේන්තුවේ ආසන 113ක් නොලැඛෙන බව දැනට ජනමත සමික්ෂණ වලින් තක්සේරු කර තිඛෙන බව පැවසු අබේගුණවර්ධන මහතා, ඒ අනුව මෙවර රටේ බිහිවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවනු ලබන ජාතික ආණ්ඩුවක් බවද කියා සිටියේය.
එහි අගමැතිවරයා වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ මහතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයාට ඊයේ යැවූ ලිපියෙන් අවධාරණය කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර පසුගියදා වාර්තා වුයේ පිහිටුවනු ලබන සන්ධාන ආණ්ඩුවට රතන හිමි සහ චම්පික රණවක මහතා එකතුවීමට දැනටමත් එකගතාවයක් පවතින බවය.
Related