තාජුඩීන් සහ එක්නැලිගොඩ ගැන මහින්ද කතා කරයි
කොළඹ දී අද (09) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ, රගර් ක්‍රීඩ...
https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksa-speaks-about-thajudeen-and-eknaligoda.html?m=0
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අඛණ්ඩව පැවැත්විය යුතු බවත්, ඊට අදාළ වාර්තා නිසිලෙස සොයාබලා පරිකෂා කිරීම කළ යුතු බවය.
රාජපක්ෂ මහතා කියා සිටියේ තම දෑත්වල ලේ තැවරී නොමැති බවයි.
තම ආණ්ඩුවක් ඉදිරියේ දී පත්වුන ද අදාළ මරණය සම්බන්ධ පරික්ෂණ ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මහින්ද රාජපකෂ මහතාගෙන් විමසුවා.
එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ තම පාලන සමයේදීද අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරිකෂණ පැවැත්වු බවයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීම සඳහා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ ගැටළු පවතින බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා. \


Related