හොරපාරෙන් ලබාගත් බලය 17දා අවසන් - මහින්ද රාජපක්ෂ
බෙදුම්වාදය සහ හොරකම හිසින් ගත්, හොර පාරෙන් බලය ගත් එජාප පාලනය දාහත් වෙනිදාට ජනතාව විසින් අවසන් කරනු නියත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ...

https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksa.html?m=0
දින 187 ක යහපාලන කාලය තුළ ඊළමක් ලබාදීම සඳහා පලස් එලමින් සිටි එජාපය රටේ වේගයෙන් සිදුකරමින් සිටි සංවර්ධන කාර්යයන් නවතා දමා තම මල්ල පුරවා ගැනීම ආරම්භ කළේ බැඳුම්කර මගඩිය මගින් රටේ ඉතිහාස ගත වංචාවක යෙදෙමිනි. මධ්‍යම අධිවේගී මාර්ගයෙන් දැනටමත් කෝටි ගණනක් මේ පාලනය ගසා ගෙන තිබෙනවා. 1977 බලයට පත් වී ඒකාධිපතිත්වය, හොරකම, මත් කුඩු ආදී සකල දුරාචාරයම රටට බෝකළ, එජාපයට යළිත් බලය ලබාදීමට රටේ ජනතාව සූදානම් නැති බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
Related