"මම රට වටේටම දුරකතනයෙන් කතා කළා, හැම පැත්තම අපිට හොදයි" - මහින්ද කියයි
සන්ධානය මේ මැතිවරණයේදී ඉතා ඉදිරියෙන් සිටින බවත් සාමකාමිව හැසිරෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවස...

https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksa_17.html
සන්ධානය මේ මැතිවරණයේදී ඉතා ඉදිරියෙන් සිටින බවත් සාමකාමිව හැසිරෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා,
“අපි හිතනවා අපි බොහොම ඉදිරියෙන් ඉන්නවා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමිව ඉන්නා ලෙසයි. මම රට වටේම දුරකතනයෙන් කතා කර කර බැලුවා ඒ හැම පැත්තෙන්ම එන්නේ හොද ප්‍රතිචාරයන් ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේද එවැනි අකාරයෙන් හොද ප්‍රතිචාරයන් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. ඒ වගේම ආසන 117ක අපි බලා පොරොත්තු වන බවත් ඒ වගේ ම සමස්ත ජනතාවම ඉතා සාමකාමීව ඉන්නා ලෙසත් රටේ සාමය ආරක්ෂා කරන්න පියවර ගන්න කියලා තමයි අපි කියන්නේ. නොයෙක් කට කතා යනවා අපි ඒ කට කතා මත විශ්වාස කරන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ මැතිවරණයක් හොද ප්‍රතිපලයක්. මොකද ඒ ජයග්‍රහණය අපිට තියෙනවා හොඳට පැහැදිලියි ජනතාව අපි සමග ඉන්න බව.’’
Related