මේක නිවට සිද්ධියක්. නිවට ප‍්‍රතිචාරයක් - එජාප මැර පිරිස් පහරදුන් මහින්දගේ හිතවතා බලන්න මහින්ද යයි

ඊයේ අඵයම එල්ල වූ මැර ප‍්‍රහාරයකින් තුවාල ලැබූ කුරුණෑගල හෝටල් හිමිකරුගේ සුවදුක් විමසා බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පස...

ඊයේ අඵයම එල්ල වූ මැර ප‍්‍රහාරයකින් තුවාල ලැබූ කුරුණෑගල හෝටල් හිමිකරුගේ සුවදුක් විමසා බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණියේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි හදිසි අනතුරු ඒකකය වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන ව්‍යාපාරික ජනක දේශප‍්‍රියගේ සුව දුක් විමසා බැලීය.

ජනක දේශප‍්‍රිය මහතාගේ සුව දුක් විමසා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමක් කළ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ පැවසීය.

” මම මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා. මේක නිවට සිද්ධියක්. නිවට ප‍්‍රතිචාරයක්. මේ දිස්ත‍්‍රික්කය පරාජයට පත්වෙලා, ඒකෙන් වියරු වැටුණු පිරිසක් විසින් කරන ලද නිවට වැඩක්. මේක ගැන වහාම පොලිසිය පරීක්ෂණ කරලා, ඒ සියඵ දෙනාම අත්අඩංගුවට අරගන්න කටයුතු කරන්න ඕනෑ. දේශපාලන බලපෑම්වලට යට නොවී පොලිසිය වැඩකරන්න ඕනෑ. ”






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6439019432056777261

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item