මහින්ද ගෝඨා ඇතුළු හමුදා නිලධාරීන් 40 කට යුද අපරාධ චෝදනා - රෝම සම්මුතියට අත්සන් නොකලත් අධිකරණයට ගෙනයා හැකිය
ගුවන් හා නාවික හමුදාවේ ප්‍රබල නිලධාරීන් 40 කට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත. මෙම චෝදනා එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විභාග ...
https://www.sathhanda.com/2015/08/sri-lanka-war-crime-report.html
ගුවන් හා නාවික හමුදාවේ ප්‍රබල නිලධාරීන් 40 කට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත. මෙම චෝදනා එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විභාග කළ පරීක්‍ෂක මණ්‌ඩලය විසිනි.
රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය විසින් පවසා සිටියේ රනිල් රෝම සම්මුතියට අත්සන් නොකළ නිසා ශ්‍රී ලාංකිකයින් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා නොහැකි බවය. එහෙත් ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් නොකළත් එකී සම්මුතියේ ඇති කොන්දේසිවලින් යුද අපරාධ චෝදනා එල්ලවූවන් එකී අධිකරණය වෙත ගෙනයා හැකි යෑයි අනාවරණය වී ඇත.
මෙලෙස යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ත්‍රිsවිධ හමුදා නිලධාරීන්ට එරෙහිව පිටු 100 ක සාක්‌කියක් දිවුරුම් ප්‍රකාශයකින් ලබා දී ඇත්තේ හිටපු මේජර් ජෙනරාල්වරයකු බව හෙළි වී තිබේ.
ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලයේ මෙම වාර්තාව ජාත්‍යන්තර යුද අධිකරණයට හෝ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙත යොමුකිරීම ගැන එම වාර්තාව ප්‍රකාශයට පත්වූ අවස්‌ථාවේ තීන්දු කෙරේ.
එකී වාර්තාව මානව හිමිකම් කවුන්සලය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එවීමට කටයුතු කරන බව දන්වා ඇති අතර අතර එකී විමර්ශන වාර්තාවෙන් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් දෙදෙනකු හා හිටපු නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු ගැන ද විශේෂ කරුණු දැක්‌වීමක් සිදුකර ඇත.


Related