2018 සිට ඇස්බැස්ටස් තහනම් - මෛත්රිගෙන් හොද වැඩක්

2018 වසරේ ජනවාරි මාසයේ සිට ඇස්බැස්ටස් සෙවිලි තහඩු ආනනය කිරීම හා නිශ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැ...

2018 වසරේ ජනවාරි මාසයේ සිට ඇස්බැස්ටස් සෙවිලි තහඩු ආනනය කිරීම හා නිශ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

එසේම 2016 වසරේ ජනවාරි මාසයේ සිට පොලිතින් භාවිතයේදි දැඩි නීති පනවන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

වසර දෙකකට ප්‍රථමව මේ බව සඳහන් කළේ ව්‍යාපාරිකයන්ට ඒ පිළිබඳව දැනුවත්වීමට බවත්, මේ තිරණයට කිසිවෙකුට බලපෑම් කළ නොහැකි බවත් ජනපතිවරයා සඳහන් කළේය.

පිළිකා රෝග ඇතිවීමට ඇස්බැස්ටස් සෙවිලි තහඩු ප්‍රධාන සාධකයක් බවද ජනපතිවරයා පැවැසීය.

මහනුවර ජනපති මන්දිරයේ පැවැති උත්සවයක් අමතමින් ජනපතිවරයා අද පෙරවරුවේදී මේ බව පැවැසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8182311074874904821

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item