ලාංකික සරණාගතයින්ට මව්රටට යෑමට මේක හොද කාලයක්

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික දමිළ සරණාගතයින්ට යළි මව් රටට යෑමට හොඳ අවස්ථාවක් වර්තමානයේ පවතින බව ඊලාම් සරණාගතයින් පුනරුත්තාපන සංවිධානයේ නි...

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික දමිළ සරණාගතයින්ට යළි මව් රටට යෑමට හොඳ අවස්ථාවක් වර්තමානයේ පවතින බව ඊලාම් සරණාගතයින් පුනරුත්තාපන සංවිධානයේ නිර්මාතෘ එස්.සී චන්ද්‍රහසන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට පවතින උත්සාහය තුළ එම වටපිටාව සැකසී ඇති බවයි ඔහු "ද හින්දු" පුවත්පතට ප්‍රකාශ කර ඇත.

තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික දමිළ සරණාගතයන් ලක්ෂයකට වැඩි පිරිසක් ජීවත්වන බව පෙන්වා දෙන එස්.සී චන්ද්‍රහසන් මහතා ඉන් හැටදහසක් පමණ සරණාගත කඳවුරු වල ජීවත් වන බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලාංකික සරණාගතයන් ශ්‍රී ලංකාව තුළ යළි සිය ජීවිත ආරම්භ කිරීමට කැමැත්ත පළ කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට තමිල්නාඩු රජය සහ ඉන්දීය රජය සූදානම් බව ඔහු පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සමඟ ශ්‍රී ලාංකික දමිළ සරණාගතයින් සම්බන්ධයෙන් ඊලාම් සරණාගතයින් පුනරුත්තාපන සංවිධානය සාකච්ඡා වට 17ක් දැනටමත් පවත්වා ඇති බව චන්ද්‍රහසන් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලාංකික දමිළ සරණාගතයින් අතර උපාධිදාරීන් 3800දෙනෙකු පමණ සිටින අතර ඔවුන් ශ්‍රී ලංකාවට විශාල සම්පතක් වනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 232581068199104960

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item