ජනාධිපති මංගලට බැනවදියි !
පසුගිය සඳුදා ශ්‍රී ලංකාවට පැමිනි දකුණු ආසියානු කලාපය භාර ඇමරිකානු රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ඉදිරියේ තමාව හෑල්ලුවට ලක්කර ඇතැයි චෝදනාවක් ජ...
https://www.sathhanda.com/2015/08/mangala-samaraweeera-nisha-biswal.html?m=0
පසුගිය සඳුදා ශ්‍රී ලංකාවට පැමිනි දකුණු ආසියානු කලාපය භාර ඇමරිකානු රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ඉදිරියේ තමාව හෑල්ලුවට ලක්කර ඇතැයි චෝදනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීරට බැනවැදී ඇත.
එය එසේ සිදුවී ඇත්තේ නීෂා බිස්වාල් තමා හමුවීමට ප්‍රථම විදේශ ඇමතිවරයා සමග සංචාරයේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව ප්රවෘත්ති සාකචඡාවක් පැවැත්වීමයි. එම ප්රවෘත්ති සාකච්ඡාව සිදුවිය යුතුව තිබුනේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවීමෙන් අනතුරුව බව ජනාධිපතිවරයා විදේශ ඇමතිවරයාට පෙන්වා දී තිබේ. නමුත් නීෂා බිස්වාල් අගමැතිවරයා පමණක් හමුවීමෙන් අනතුරුව මෙම ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වීම ජනාධිපතිවරයාගේ නොසතුටට හේතුවී ඇත.
මේ පිළිබඳව මාධ්‍යන් කළ විමසීමකදී විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටියේ තමන් නීෂා බිස්වාල් සමග කිසිදු ප්රවෘත්ති සාකච්ඡාවක් නොපැවැත්වූ බවයි.

Related