මත්ස්‍යයින්ට ආහාරයක් වෙන්න නිල්වලා ගඟට පැන්න හිමිනමගේ සිරුර හමුවූ හැටි [PHOTOS]

මාතර - බණ්ඩත්තර පාලම අසළින් ඊයේ (25) උදෑසන නිල්වලා ගඟට පැන දිවි නසාගත් බවට සැක කෙරෙන හිමිනමගේ දේහය මාතර - හුංගම්ගොඩ තොටුපළ ආසන්නයේ ගං ඉවුරට ...

මාතර - බණ්ඩත්තර පාලම අසළින් ඊයේ (25) උදෑසන නිල්වලා ගඟට පැන දිවි නසාගත් බවට සැක කෙරෙන හිමිනමගේ දේහය මාතර - හුංගම්ගොඩ තොටුපළ ආසන්නයේ ගං ඉවුරට ගොඩගසා තිබියදී අද (26) උදෑසන සොයා ගත්තා.

උන්වහන්සේගේ බවට සැක කෙරෙන සිවුරක් නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් විසින් ඊයේ පස්වරුවේ සොයා ගත්තේ ගං පත්ලේ තිබියදියි.

81ක් වියැති හිමිනම මීට පෙර ගාල්ල - බද්දේගම - කීඹිඇල වයෝවෘද්ධ භික්ෂු විවේකාශ්‍රමයේ වාසය කර ඇති අතර, පසුගියදා උන්වහන්සේගේ නිවස පිහිටි මාතර - නාදුගල ප්‍රදේශයට පැමිණ තිබුණා.
උන්වහන්සේගේ ඥාති දියණියක වන කමලා ගමගේ අපවෙත අදහස් පළ කළා. ඇය කියා සිටියේ තම සිරුර මත්ස්‍යයින්ට ආහාරයක් වීම සඳහා ගගට පනින බවට අපවත් වූ හිමිනම මීට පෙර ප්‍රකාශ කර තිබූ බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 7945745641932133900

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item