ජවිපෙ මායදුන්නේ ඉල්ලා අස්වෙන්න යයි?
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර සිටින හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ එම ධුරයේ දිවුරුම් දුන් පසු ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැ...
https://www.sathhanda.com/2015/08/mayadunne.html?m=0
ජනතා අභිලාෂයන්ට ගරු කිරීමක් වශයෙන් එම තීරණයට එලැඹෙන බවත්, ඒ සම්බන්ධයෙන් පසුවට දැනුම් දෙන බවත්, ඔහු මාධ්‍යට පවසා තිබේ.
එම ධුරයෙන් ඉවත් වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිදු බලපෑමක් තමාට එල්ලවී නොමැති බවත්, ධුරයේ රැඳී සිටින ලෙස එම පක්ෂයෙන් ඉල්ලීම් ලැබී ඇති බවත් ඔහු පවසා ඇත.
කෙසේවුද පක්ෂ නායකත්වයට මෙතෙක් ඔහු මේ පිළිබඳව දැනුම්දී නැතැයි ද වාර්තා වේ.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට සරත් මායාදුන්නේ මහතා සහ මාතර දිස්ත්‍රික්කයට තරග කළ සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කර ඇත.

Related