මෝටාර් උණ්ඩ 38ක් යාපනේ දූපතකින් මතුවෙයි [PHOTOS]

යාපනය, අරියාලෙයි නැගෙනහිර පිහිටි පූවර්සන් දූපතෙහි ඉතා සූක්ෂමව වල දමා තිබූ මොටාර් බෝම්බ 38ක් ඊයේ (04) සොයාගත් බව යාපනය පොලීසිය පවසයි. ...


යාපනය, අරියාලෙයි නැගෙනහිර පිහිටි පූවර්සන් දූපතෙහි ඉතා සූක්ෂමව වල දමා තිබූ මොටාර් බෝම්බ 38ක් ඊයේ (04) සොයාගත් බව යාපනය පොලීසිය පවසයි.

පූවර්සන් දූපතේ දෛනිකව ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් පිරිසකට අදාල මෝටාර් බෝම්බ පිළිබඳ නිරීක්ෂණයවීමෙන් පසුව මේ පිළිබඳ යාපනය පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව යාපනය පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇති ව පූවර්සන් දූපතට පැමිණ එම ප‍්‍රදේශයේ සිදු කළ සෝදිසියක දී එම මෝටාර් බොම්බ 38ක් සොයාගෙන ඇත.

මේ අනුව අදලා මෝටාර් බෝම්බ එම දූපතට පැමිණියේ කුමන ආකාරයකට ද කුමන කාලයේ ද යන්න පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කර ඇත.

සොයාගත් මෝටාර් බෝම්බ වසර කිහිපයකට පෙර වල දමා ඇති බවට මෝටාර් බෝම්වලින් අනාවරණයවන හෙයින් යුද සමයේ දී එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් මෙම මෝටාර් බෝම්බ රැගෙන විත් යුද හමුදා ප‍්‍රහාර හමුවේ පලා යන අවස්ථාවේ දී මෙසේ වල දමන්නට ඇති බවට සැක කරන බවට ද යාපනය පොලීසිය සඳහන් කරයි.














මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5023539873941487579

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item