මළ සිරුරක් සමඟ තවත් ගමන් බෑගයක් හමු වෙයි
ගිරාඳුරුකෝට්ටේ, අලුත්තරම පාලම අසල මාර්ගයේ වෙළෙදසැලක් අසලදී පුද්ගල මළසිරුරක් සමඟ ගමන් බෑගයක් හමු වී තිබේ ඊයේ උදෑසන මෙම මළ...

https://www.sathhanda.com/2015/08/bodybag-giradurukotte.html
ගිරාඳුරුකෝට්ටේ, අලුත්තරම පාලම අසල මාර්ගයේ වෙළෙදසැලක් අසලදී පුද්ගල මළසිරුරක් සමඟ ගමන් බෑගයක් හමු වී තිබේ
ඊයේ උදෑසන මෙම මළ සිරුර සමඟ ගමන් බෑගය හමු වී තිබෙන අතර ගම්වාසීන් විසින් ඒ බව ගිරාඳුරුකෝට්ටේ පොලීසියට දැන්වීමෙන් පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය.
ඒ අනුව මිය ගොස් සිටි පුද්ගලයා මහියංගණය, අලුත්තරම, විරානගම ගම්මානයේ අංක 53 දරණ නිවසේ විසු උස්ලියනගේ දොන් පේ‍්‍රමදාස ලියනගේ නැමැති 61 හැවිරිදි පුද්ගලයා බව පවුලේ උදවිය විසින් හඳුනා ගෙන තිබේ.
සිව් දරු පියෙක් වන මෙම පුද්ගලයා කඩුවෙල ප‍්‍රදේශයේ පදිංචි සිය දියණියගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙන බව හෙලි වී ඇත.
කෙසේ වෙතත් ඔහුගේ මරණය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් සොයා ගෙන නොමැත.
Related