"අවුරු 12ට වඩා හිටියම ජනතාවට එපා වෙනවා, මහින්දට උනෙත් එකයි" - මහින්ද පරදන්න ජපකල ලොකු බොරු නවීන්ට අමතක වෙලා

"ඕනෑම දේශපාලඥයෙකු වසර 12 කට වඩා දේශපාලනයේ රැඳී සිටින අවස්ථාවක ඔහුව එපාවන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූයේ එවන් ද...

ඇමති නවීන් මැතිවරණ නිලධාරීන්ව හරවා යවයි

"ඕනෑම දේශපාලඥයෙකු වසර 12 කට වඩා දේශපාලනයේ රැඳී සිටින අවස්ථාවක ඔහුව එපාවන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූයේ එවන් දෙයක්" යයි නවීන් දිසානායක මහතා පැවසීය. 

ඔහු මේසේ ප්‍රකාශ කර සිටියේ පසුගියදා ගාමිණී දිසානායක පදනම මගින් දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා හැටන් දික්ඔය නගර ශාලාවේ සංවිධානය කර තිබු දේශපාලන රැස්වීමකදීය. ඔහු රැස්වීම අමතමින් සිටින අවස්ථාවේ එතනට පැමිණි නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් පෙන්වා දුන්නේ එම රැස්වීම මැතිවරණ නීතියට පට හැනි බවත් වහා විසුරවා හරින ලෙසත්ය. එහෙත් එහිදී තම ඇමති බලය සහ කටේ බලය පෙන්වමින් මැතිවරණ නිලධාරීන් එලවා දැමු ඔහු තම රැස්වීම දිගටම කරගෙන ගියේය. 

නවීන කියන අකාරයේ වසර 12කට රටේ නායකයා එපා වීමක් සිදු නොවූ අතර අදටත් ඔප්පු කර ගත හැකි නොවූ සහ ඔවුන්ටත් මතක තබා ගත නොහැකි වූ බොරු ගොන්නක් උදේ හවස දෙසා බා මෙරට ජනතාව මුල කිරීමයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8557332310211182879

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item