පාතාලය බරටම මැතිවරණ වැඩ - කැෆේ පවසයි
කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්කවල මැතිවරණ ව්‍යාපාරය සඳහා පාතාල සාමාජිකයින් සෘජුව සම්බන්ධ වී සිටින ප්‍රවණතාවක් ඇති බව කැෆේ සංව...
https://www.sathhanda.com/2015/08/sri-lanka-mafia-activities-in-election.html
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ නමගිය දේශපාලනඥයින් වෙනුවෙන් පාතාල සාමාජිකයින් ගෙන් ගෙට යාම් ආදිය සිදුකරමින් සිටින බවද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
ඔවුන් විශාල වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නීති විරෝධි ප්‍රචාරක කටයුතුවලට උපකාර කරමින් සිටින බවත් හම්බන්තොට දීර්ඝකාලයක් තිස්සේ පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු එක් පුද්ගලයෙකු ඝාතනයට පත්වු බවත් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
එමෙන්ම හම්බන්තොට සහ මහනුවර ආරක්ෂක සේවා සපයන ආයතන දෙකක හිමිකරුවන් මෙම මැතිවරණයට තරඟ වදිමින් තිබෙන බවත්, ඔවුන් හමුදාවෙන් පැනගිය සහ විවිධ කටයුතුවලට සම්බන්ධ වු පුද්ගලයින් දිර්ඝ කාලයක් පුරා සේවයේ යොදවා ඇති බවත් කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.
මෙම කණ්ඩායම් අතර ඕනෑම මොහොතක ගැටුමක් ඇතිවීමේ හැකියාවක් මෙම මැතිවරණය අවසන් දිනි කිහිපය තුළ පවතින බවත් දේශපාලනඥයින්ගේ අනුදැනුම ඇතත් නැතත් මෙම කණ්ඩායම් අතර පවතින් දීර්ඝ කාලීන එදිරිවාදිකම් මෙම ගැටුම් වලට හේතුවිය හැකි බවත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි. මේ හේතුවෙන් මෙම පාතාලයට සම්බන්ධ පුද්ගලයින් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් මේ වනවිට මතුව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.


Related