සැක හිතන්න එපා අගමැති මහින්දමයි - නිමල් සිරිපාල ද සිල්වා

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබන බවත් ඒ සමඟ අගමැති ධුරයට මහින්ද රාජපක්‍ෂ මහතා පත්කරන බැවින් ඒ පිළිබඳව ක...

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබන බවත් ඒ සමඟ අගමැති ධුරයට මහින්ද රාජපක්‍ෂ මහතා පත්කරන බැවින් ඒ පිළිබඳව කිසිදු බියක්‌ සැකක්‌ ඇති කරගත යුතු නැති බවත් විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියා සිටී.

වැලිමඩ ප්‍රදේශයේදී නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14 දා) එම විශේෂ ප්‍රකාශය සිදුකළ අතර එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ ද සඳහන් කළේය.

මිත්‍රවරුනි, අපේ ජයග්‍රහණය පිළිබඳව කිසිම සැකයක්‌ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල මහතා ඊයේ නිකුත් කරන ලද ලිපියෙන් ඉතා පැහැදිලිව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍ර්‍රහණය කරන බව උපකල්පනය කරමින් එසේ ජයග්‍රහණය කිරීමෙන් පස්‌සේ කළ යුතු දේ පිළිබඳව මත කීපයක්‌ පළකර තිබෙනවා.

විශේෂයෙන්ම එතුමා ප්‍රකාශ කරන්නේ යම් ආකාරයකින් බහුතරයක්‌ දිනාගැනීමට නොහැකි වුවහොත් ඇතිවන තත්ත්වය පිළිබඳවයි. එහෙම ප්‍රශ්නයක්‌ පැනනඟින්නේ නැහැ. අනිවාර්යයෙන්ම 113 කට වැඩි බහුතරයක්‌ අප ලබාගන්නවා. ඒ නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ හෝ වෙනත් පක්‍ෂයක සහාය අවශ්‍ය වන්නේ නැහැ.

එදා අනුරාධපුර පැවති රැස්‌වීමේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඇතුළු සියලුම අපේක්‍ෂක කණ්‌ඩායම් මහින්ද රාජපක්‍ෂ මහතා මේ මැතිවරණයෙන් පස්‌සේ බහුතරය ලබාගත්තම අගමැති ධුරයට පත්කළ යුතු යෑයි කියන ලේඛනයට අත්සන් කළා. එම ලේඛනයට මුලින්ම අත්සන් කළේ මම.

එම නිසා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපි බහුතරයක්‌ දිනාගත්තට පස්‌සේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කළ යුතුයි කියන ස්‌ථාවරයේ සිටිනවා කියලයි. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා දේශපාලන නායකයකු ලෙස ජනතාවගේ ජනමතය අනුව කටයුතු කරන බව.

ජනතාවගේ ජනමතයට එරෙහිව යැමට අපට පුළුවන්කමක්‌ නැහැ. ඒ නිසා අපි එතුමාගෙන් ඉල්ලා සිටින්නේ ලැබෙන ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කළ යුතු බවයි. ඒ පිළිබඳව තමුන්නාන්සේලා කිසිම බියක්‌ සාංකාවක්‌ ඇතිකර ගන්න එපා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3518073418707029033

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item