පිටකොටුව ගමන් මල්ලේ කාන්තා මළ සිරුරක් දමා ගිය පුද්ගලයා අල්ලයි

කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය...

කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය අද අත්අඩංගුවට ගත්තා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මන්නාරම කෝවිල්කුලම් ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ගමන් බෑගය තුළ තිබූ මෙම මළ සිරුර සොයාගත්තේ පසුගිය ජූලි 29 වනදායි. අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී යාපනය - වඩුක්කෝඩෙයි පදිංචි 34 හැවිරිදි අදාළ කාන්තාව සතියක පමණ කාලයක් පුද්ගලයෙකු සමඟ කොළඹ තාවකාලික ලැගුම්හලක රැඳී සිටි බව තහවුරු වුණා. එම ලැගුම්හලේ සහ අවට සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වූ දර්ශන අනුවයි පොලීසිය සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණ කරගත්තේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8889457921863435797

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item