මේක කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තත්වයක් - පුබුදු ජයගොඩ
අද උදෑසනජනාධිපති කාර්යාලයේ පැවැති අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ්‍ය අතර අවබෝධතා ගිවිසුම...

https://www.sathhanda.com/2015/08/pubudu-jayagoda.html
අද උදෑසනජනාධිපති කාර්යාලයේ පැවැති අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කලා. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිළිබදව අප පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ තම අදහස් දක්වමින්,
“ මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත්තා. මෙය රටේ ජනතාවගේ පැත්තෙන් ගත කල ඉතාම අනතුරුදායක තත්වයක්. මීට පෙර මේ පක්ෂ දෙක වෙන වෙනම ක්‍රියාත්මක කළ නව ලිබරල් ප්‍රතිපත්ති දැන් එකට එක්වී ක්‍රියාත්මක කරයි. ජනතා විරෝධය නිසා හකුලා ගැනීමට, කල් දැමීමට සිදුවූ ප්‍රතිගාමී ක්‍රියාමාර්ග මේ බලය භාවිතා කර ක්‍රියාවට නංවයි. ඒවාට ජනතාව විරුද්ධ වන විට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කර ඒකාධිපතිත්වයට ගමන් කරන බව නිසැකයි. දැනටමත් ඒ ලක්ෂණ පෙන්වනවා. සමහරු මේකෙන් මහා වෙනසක් වෙයි කියලා හිතාගෙන හිටියට කිසිම සමාජ යහපතක් වෙන්නේ නෑ. නරකට නරක එකතු වුනාම හොඳ වෙන්නේ නෑනේ. මේක කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තත්වයක්. වැඩිපුර තිත්ත තමයි සමාජයේ පහල පන්තීන්ට ලැබෙන්නේ." යයි පැවසීය.
Related