වදින්නම් මචං Cut එක දාලා දියං - සජිත්ගේ මාධ්‍ය ඉදිරියේ පින්සෙන්ඩු වේ
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ ඊයේ (14) දිනයේ සිදුකරනු ලැබූ තම කතාව කෙසේ හෝ අද දිනයේ තම නාලිකාව මගින් ප්‍රචාරය කර දෙන ලෙස එක්තරා රූපවාහින...
https://www.sathhanda.com/2015/08/sajith-premada.html
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ ඊයේ (14) දිනයේ සිදුකරනු ලැබූ තම කතාව කෙසේ හෝ අද දිනයේ තම නාලිකාව මගින් ප්‍රචාරය කර දෙන ලෙස එක්තරා රූපවාහිනී නාලිකා ප්‍රධානියෙකු වෙත දුරකථනයේ ඇමතූ සජිත් ප්‍රේමදාස එය කෙසේ හෝ ප්‍රචාරය කරන ලෙසත් දන්වා ඇත.
කෙසේ නමුත් අදාල නාලිකා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සදහන් කොට ඇත්තේ මැතිවරණ නීතියට අනුව එය සිදුකීරීමට නොහැකි බවත් හැකි උත්සාහයක් ගන්නා බවත්ය. එම අවස්ථාවේ නැවත අදාළ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වෙත පවසා ඇත්තේ අනේ මචං වදින්නම් මේ කට් එක කොහොම හරි ගහල දෙන ලෙසයි. සජිත් ප්‍රේමදාස මෙම ක්‍රියාදාමය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍ර යේ කතා බහට ලක්ව ඇති අතර ඔහු රනිල් වික්‍රමසිංහ හට ලබාදෙන කාල අවකාශය තමාට ලබාදෙන මෙන් ආයාචනා කිරීම් ද සිදුකොට ඇති බවද මාධ්‍ය ක්ෂේත්‍රෙය් ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති බව වාර්තාවේ.
මීට පෙර කිහිප වතාවකදී මෙවැනි තත්වයන්ට මුහුණ දී ඇති මෙකී ප්‍රධානීන් සදහන් කොට සිටින්නේ රනිල් වික්‍රමසිංහගෙන් පසු හෝ ඔහු පරාජයවීමෙන් පසු එජාප නායකයාවීමට හා රටේ නායකයා වීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙකුගේ මෙවැනි හැසිරීම් අදාළ තත්වයන්ට නොගැලපෙන බවයි.
theindependent ඇසුරෙන්


Related