මහකොමසාරිස් ධූරය බාරගන්න - මෛත්‍රීගෙන් සංගාට ඇරයුම්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය බාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් කුමාර් සංග...



බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය බාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාරගෙන් මීට ටික වේලාවකට පෙර ඉල්ලීමක් කළේය.

සංගක්කාරගේ අදහස කුමක්දැයි නොදන්නා නමුත් තමන් මෙම ඉල්ලීම කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ටෙස්ට් පි‍ටියෙන් සමුගන්නා කුමාර් සංගක්කාරට සුබපැතීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයට පැමිණි අතර එහිදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ සාගල රත්නායක මහතාද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ද, දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ද එක්ව සිටියහ.

සමුගැනීම සනිටුහන් කරන කුමාර් සංගක්කාරට ජනපති, අගමැති ඇතුළු පාර්ශව රැසකින් මෙහිදී සමරු තිළිණ රැසක් පිරිනැමුණු අතර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ද එයට දායක විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4621630529855141476

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item