පක්ෂ ලේකම්වරු එහෙම වෙනස් කරන්න බෑ - හිටපු අගවිනිසුරු නීතිය ගැන කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් එම තනතුරු වලින් ඉවත් කිරීමට නම් ලේකම්වරයාගෙන් කරුණු විමසිය යුතු ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් එම තනතුරු වලින් ඉවත් කිරීමට නම් ලේකම්වරයාගෙන් කරුණු විමසිය යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසූවේ මේවන විට කුරුණෑගල පැවැත්වෙන සන්ධාන අවසන් මහා ජන රැළිය අමතමිනි.

පක්ෂ ලේකම්වරයාගෙන් කරුණු විමසීමකින් තොරව එම තනතුරෙන් ඉවත් කර නොහැකි බවත් මැතිවරණ නීතියට අනුව මැතිවරණය ප්‍රකාශයට පත්කර සතියක් ඇතුළත පක්ෂ ලේකම්වරුන් වෙනස් කිරීමට කාලයක් ලබාදෙන බවත් එම කාලය අවසන් වූ විට එම අවස්ථාවේ සිට පක්ෂයේ කටයුතු කරන ලේකම්වරයා සමග පමණක් මැතිවරණ කොමසාරිස්වරයා ගනුදෙණු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

පක්ෂ ලේකම්වරුන් වෙනස් කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා දිය යුතු බවද සරත් එන්. සිල්වා මහතා පැවසී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9212057136475947051

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item