ජනපතිගේ තීරණය පිළිගෙන අගමැතිකම බාරගන්න සූදානම් - ෆවුසි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස තමාව අගමැති ධූරයට නම් කළ පසු එය ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් එනිසා මහින්ද රාජපක්ෂ හ...

https://www.sathhanda.com/2015/08/AHM-fowzie.html
කැබිනට් මණ්ඩලය පත් කිරීම හා අගමැතිවරයා නම් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවත් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා යම් තීරණයක් ගතහොත් ඊට එරෙහි විය නොහැකි බවත් ෆවුසි මහතා පැවසී ය.
සෑම විටම පක්ෂයේ සභාපතිවරයාගේ තීරණ පිළිගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යවන ලද ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ශ්‍රීලනිප සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබූ අතර එහි දැක්වූයේ අගමැති ධූරයට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුගේම නම් යෝජනා කර තිබුණද අගමැති ධූරයට නියම හිමිකරුවා මහින්ද රාජපක්ෂ මහතා බවයි.
එම ලිපියට අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ආතාවුද සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ යන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අත්සන් කර තිබිණි.
ගේ ගිනි අරං ඔළුවට කඩං වැටෙන්න එද්දී ඒක අස්සට වෙලා මාෂ් මෙලොස් පුච්චන ජාතියේ හරකෙක් මේක
ReplyDelete