සුජීවගේ මැර ක්රියා නිසා කඩුවෙලට එස්.ටී.එෆ්. රැකවරණ
කඩුවෙල මැතිවරණ බල ප්රදේශයේ මැතිවරණ නීති කඩකිරීම් රාශියක් හේතුවෙන් එය මැඬපැවැත්වීම සඳහා විශේෂ කාර්ය බළකාය යොදවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ස...
https://www.sathhanda.com/2015/08/sft-kaduwela-sujeewa-senasinghe.html?m=0
අතුරුගිරිය, මාලබේ, කඩුවෙල, තලංගම, නවගමුව, තලවතුගොඩ යන ප්රදේශ තුළ ආණ්ඩුවේ ප්රබල දේශපාලනඥයකු වන සුජීව සේනසිංහ විසින් මැතිවරණ නීති කඩ කරමින් කටයුතු කරන නිසා එය මැඬපැවැත්වීමේ අරමුණින් මෙම ආරක්ෂක පියවර යොදා ඇත.
මීට අමතරව විශේෂ කාර්ය බළකා කණ්ඩායම් දෙකක්ද අතුරුගිරිය පොලිසිය තුළ රඳවා ඇති අතර ඔවුන් යොදවා ඇත්තේ පොලිසියේ සහායට බව සඳහන් වේ.
මෙම දේශපාලනඥයා ඇතුළු කණ්ඩායම් ඔහුගේ නම සහ අංකය සටහන් ඩිෆෙන්ඩර් ජීප් රථ පෙළපාළි යමින් විවිධාකාරයේ නීති විරෝධී කටයුතු සිදුකරන නිසා මෙම ආරක්ෂාව යෙදවීමට තීරණය කර ඇත. මේ සඳහා හදිසි මාර්ග බාධකද එම ප්රදේශයේ යොදවා ඇත.
මෙම දේශපාලනඥයාගේ ආධාරකරුවන් ඔහුගේ බලය උපයෝගී කරගනිමින් අනෙක් පාක්ෂිකයන් සඳහා බලපෑම් සිදුකරන බව පොලිසියට තොරතුරු ලැබි ඇත.
චාමර අමරසූරිය


Related