ශාන්ත බණ්ඩාර තීන්දුවක් ගැනීමට යයි
හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීශාන්ත බණ්ඩාර මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බව ඊයේ...

https://www.sathhanda.com/2015/08/shanthabandara.html
හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීශාන්ත බණ්ඩාර මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බව ඊයේ (24) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ.
ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කණ්ඩායමක් තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝජිතයකු බවත් එම නිසා පරාජයට පත් කරන ලෙසට මතයක් ගෙන ගිය බවය. එසේ ප්‍රකාශ කර සිටි පිරිස් මේ වනවිට ජනාධිපතිවරයාට සමීපවී ඇමති ධූර බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන්ගෙන් ජනාධිපතිවරයා පරිස්සම් විය යුතු බවත්ය. එසේ නොවන්නේ නම් ඉදිරියේදී තමන්ද දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් බව එහිදී ප්‍රකාශ කළේය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජපක්ෂ පිල විසින් බරපතල ලෙස පාක්ෂිකයින් වෙත ගෙන ගිය මතයක් වූයේ රාජපක්ෂ පිලේ සාමාජිකයින්ට පමණක් ඡන්දය ලබා දෙන ලෙසටය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය හවුල් ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැරූ බොහෝ පිරිසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි විය. මේ වනවිට තත්වය වෙනස් වී ඇති අතර එලෙස රාජපක්ෂ පිල නියෝජනය කරනු ලැබූ බහුතරයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත සමීප වී අමාත්‍ය ධූර අපේක්ෂාවෙන් සිටින බව පැවසේ.
Related