ජාතික ආණ්ඩුවක් සෑදීමට ජනපතිට ශ්‍රීලනිපය එකඟ කර ගනී - චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය අද (20) හිමිවුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාග...

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය අද (20) හිමිවුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණා. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ ඉදිරි කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සහ එකඟතාවන්ට පැමිණීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ද එහිදී එකඟතාව පළ වී තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත්, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ එස්.බී. දිසානායක එම කමිටුවේ සාමාජිකයින්. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7261760204463346425

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item