ජාතික ආණ්ඩු සහ ප්‍රජාතන්ත්‍රවාදය ?

නියෝජිත ප්‍රජාතාන්ත්‍රවාදයේදී බහුතරයකින් යුතු පක්ෂයක් රාජ්‍ය පරිපාලනය ගෙනයන අතර විපක්ෂය ඒ සඳහා විවේචනාත්මක සහයක් දෙයි. විපක්ෂයේ තීරණාත්මක...

නියෝජිත ප්‍රජාතාන්ත්‍රවාදයේදී බහුතරයකින් යුතු පක්ෂයක් රාජ්‍ය පරිපාලනය ගෙනයන අතර විපක්ෂය ඒ සඳහා විවේචනාත්මක සහයක් දෙයි. විපක්ෂයේ තීරණාත්මක කාර්යභාරය වනුයේ පාලක පක්ෂය අත්තනෝමතික ලෙස ජනමතයට පටහැනි මගක් ගත්විට ඒ පිලිබඳ ජනතාව නිසිපරිදි දැනුවත් කිරීම හරහා පාලක පක්ෂයට බලපෑම් කර එහි සදොස් ගමන් මග නිවැරදි කිරීමයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති මෙම ගුණාංගය එවැනි අත්තනෝමතික පාලනයක් හරහා මුහුණදෙන එවැනි අවදානමකින් රට සහ ජනතාව ගලවාගැනීමයි.

විපක්ෂයේ මෙම ඉතා තීරණාත්මක කාර්යභාරය නිසිලෙස ඉටුකිරීම සඳහා විපක්ෂය ඔළුගෙඩි ගනනටත් වඩා මතවාදීමය හා ප්‍රතිපත්තිමය වශයෙන් දැඩි ලෙස ශක්තිමත් වියුතුයි. එසේ නොමතිව සක්‍රිය, රටට හිතකර විපක්ෂයක් බිහිනොවන අතර එවැනි වටපිටාවක් තුළ රටක් හෙටක් ගැන කථා කිරීමේ හෝ සිතීමේ තේරුමක් නොමැත.

වර්තමානයේ බොහෝ අය විසින් තලුමරන "ජාතික ආණ්ඩු" සංකල්පය තුල රටට සහ ජනතාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ දැක්වෙන මෙම තීරණාත්මක ආරක්ෂාව එලෙසින්ම ලැබේද? පාලක පක්ෂය සහ විපක්ෂයේ භූමිකාව ඉටුකිරීමට ශක්තිය ඇති පක්ෂය අවබෝධතා ගිවිසුමකට එලබීම යනු වැටයි නියරයි ගොයම් කෑම වැනිය. පාලක පක්ෂයේ වැරදි නිවැරදි කිරීමට සක්‍රිය විපක්ෂයක් නොමැතිවීම ( විපක්ෂය නිර්වින්දනය කර තිබේ) තුල මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගතය කෙසේ වුවත් සහ මේ ගැන මොන මොන ආකාරයේ සුරඟන කතා කීවත් අවසාන ප්‍රතිපලය වනුයේ දෙපාර්ශවය එකතු වී රටත් ජනතාවත් මංකොල්ල කෑමයි.

මේ ගැන කතා කිරීමේදී හැරෙන තැපෑලෙන් ලැබෙනා විවේචනය වන්නේ "මෙච්චර කල් නිදාගෙන හිටියද?" නැතිනම් "මහින්ද පක්ෂ කඩද්දි කොහෙද හිටියේ" වැන්නකි. මෙවැනි විවේචන සඳහා ඉතා පැහැදිලි පිළිතුරක් ඉහත පරිච්චේද කීපය තුලම ගැබ්ව පවතී. "මහින්ද පක්ෂ කැඩුවා"...ඔබ කියනු ඇත. වෙනකෙකුට කැඩියහැකි පක්ෂයකින් ඇති පලය කීම?...මම ඔබෙන් අසමි. මහින්ද තම බලය ඒකරාශී කිරීමේ වැඩපිළිවෙල නොනවත්වා ඉදිරියට ගෙන ගියේය. මහින්ද හැර වෙනකෙකු මහින්ද සිටි ස්ථානයේ සිටියොත් මෙසේ නොවේයැයි ඔබ සිතන්නේද? රහත් නොවුවෙකු එතන සිටිනතාක් මෙයිට වඩාවෙනස් දෙයක් බලාපොරොත්තු විය නොහැක. මෙහිදී සොයා බැලිය යුත්තේ මෙවැනි අහිතකර තත්වයන් මැඩලීම සඳහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇති යාන්ත්‍රනය නිසිපරිදි ක්‍රියාත්මක වුයේද යන්නයි. යමෙකුට යම් පක්ෂයක් කැඩීමට හැකිවිනම් එම පක්ෂයේ මතවාදීමය ශක්තිය ඉතා පැහැදිලිවම ගැටලුසහගත වේ. පක්ෂයකට කලින් කලට මුහුණදීමට සිදුවන ජයපරජයන් විඳගෙන දීරගකාලින අරමුනු වෙනුවෙන් එකට සිටීමට නොහැකි පක්ෂිකයන්ක්ගෙන් ඇති පලය කීම? පක්ෂයේ දීර්ගකාලින අරමුණු වෙනුවෙන් විශ්වාශය තැබිය යුත්තේ කවුරු මතදැයි තේරුම්ගැනීමේ ශක්තිය පක්ෂයකට තිබිය යුතුය. එක්සත් ජාතික පක්ෂයේ ආරක්ෂාව එහි විශ්වාසී සමජිකයන්ක්ගෙන් මිස පොදු පෙරමුණෙන් බලාපොරොත්තු නොවිය යුතුය. මහින්ද යම් පක්ෂයක් කැඩුවා කියන හැමවිටම ඔබ ව්‍යංගාර්ථයෙන් පවසනුයේ එම පක්ෂය මතවාදීමයවශයෙන් ශක්තිමත් නොමැති බවයි. එවැනි දුර්වල විපක්ෂයක් තිබීම මහින්දගේ අනාචාරයේ හැසිරීමට උල්පන්දම් දුන් බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට පිළිගැනීමට සිදුවේ. යම් මට්ටමක හෝ විපක්ෂයක් තිබියදී මහින්දගේ ආණ්ඩුව මෙච්චර කරානම්, විපක්ෂයක් නොමැති තත්වයක් තුල මේ ආණ්ඩුව මොනවා නොකරයිද?

අනික් අතට "ජාතික ආණ්ඩු" ක්‍රමය මෙතරම් සුන්දරනම් ලෝකයේ අනිත් රටවල් පිළිගත් ක්‍රමවේදයක් ලෙස එය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? ඇත්තෙන්ම මෙම සංකල්පය ක්‍රියාත්මක කරන ලද අවස්ථා ලෝකයේ දක්නට ඇති අතර එසේ කර ඇත්තේ රටක් තුල හෝ වෙනත් රටක් සමග යුද්දයක් වැනි අතිශය සංකීර්ණ අවස්තාවන් කළමනාකරනයකිරිම සඳහා පමණකි. ඒ හැරෙන්නට මෝස්තරයකට මෙන් එක් එක් පාර්ශවයන්ගේ පටු දේශපාලන අවශ්‍යතා පිරිමැසීමට නොවේ.


-චන්දිම ගුණරත්න



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 3139945081138010392

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item