ඇමති මණ්ඩලය දිවුරුම් දීම කල් යයි මෛත‍්‍රී, රනිල් සහ චන්ද්‍රිකා අදත් සාකච්ඡාවක
එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවනු ලබන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන 27 සහ 28 යන දෙදින සිදුකිර...

https://www.sathhanda.com/2015/08/cabinet-ministers-sri-lanka.html
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් වෙන් කිරීම මේ වන විට බොහෝ දුරට අවසන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන කටයුතු සිදුකෙරෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන්.
අද(25) දිනයේ ද ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධූර විෂය පථයන් වෙන් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙනු ඇති.
අමාත්‍ය මණ්ඩලය අද(25) පෙරවරුවේ දිවුරුම් දීමට මීට පෙර සැලසුම් කර තිබුණා.
කෙසේවෙතත් විෂය පථයන් වෙන් කිරිම සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බැවින් දිවුරුම් දීමේ කටයුතු 27 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.
Related