මැතිවරණයේ ප්‍රතිඵල පිලිගන්න බෑ

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බව පවසමින් ජනසෙත පෙරමුණ, මල්වතු පාර්ශ්වයේ මහනායක හිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිම...

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බව පවසමින් ජනසෙත පෙරමුණ, මල්වතු පාර්ශ්වයේ මහනායක හිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන්ට ඊයේ සංදේශයක් භාරදුන්නා.

සංදේශය භාරදිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් කියා සිටියේ, තම පක්ෂයට පමණක් නොව, මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ද මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවයි.

එමෙන්ම, ඔවුන් මේ වනවිට ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කළද, තම පක්ෂයට එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට තරම් වත්කමක් නොමැති බවත්,පිරිසිදු පාර්ලිමේන්තුවක් අපේක්ෂා කළද මේ වනවිට එවන් තත්ත්වයක් ඇති වී නොමැති බවත් ජනතාව ප්‍රතිකේෂ්ප කල අය නැවත් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවද පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් එහිදී අවධාරණය කර සිටියා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5164837684384097733

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item