තේරීපත් වූ මන්ත්‍රීවරුන් ද්විත්ව පුරවැසියෙකු වුවත් අපට ඉවත් කළ ‍නොහැකියි - මැතිවරණ දෙපාර්තමේන්තුව

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වූවද පාර්ලිමේන්තුව සඳහා තේරිපත් වූ මන්ත්‍රීවරුන් ඉවත් කිරිමට මේවන විට හැකියාවක් මැතිව...

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වූවද පාර්ලිමේන්තුව සඳහා තේරිපත් වූ මන්ත්‍රීවරුන් ඉවත් කිරිමට මේවන විට හැකියාවක් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට නොමැති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා පවසයි.

මන්ත්‍රිවරුන් පත් කිරිමේ සියළු කටයුතු මේවන විට අවසන් වී ඇති බවත් පාර්ලිමේන්තුවට තේරිපත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර අවසන් බැවින් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනිමේ හැකියාවක් නොමැති බවත් අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසී ය.

ද්විත්ව පුරවැසිභාවය හෝ වෙනත් කරුණකට අදාළව පත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව සිදු කරන අධිකරණමය ක්‍රියාවකින් පසුව ලැබෙන නියෝග අනුව කටයුතු කිරිමට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6814510791462780940

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item