“චම්පිකගේ ධර්ම රාජ්‍ය වංගු ගහලා ගහලා ඇවිත් අන්තිමට රනිල් ළඟ නතර වුණා”- හඳුන්නෙත්ති

” අසාධාරණයක් වුනාම ඒකට කතා කරන්න, උද්ඝෝෂණයක් වුනහම ඒක කරන්න පාලක පක්ෂයට විරුද්ධව මුලින්ම එළියට බහින්න මේ හැම දේකටම ජනතා විමුක්ති පෙ...


” අසාධාරණයක් වුනාම ඒකට කතා කරන්න, උද්ඝෝෂණයක් වුනහම ඒක කරන්න පාලක පක්ෂයට විරුද්ධව මුලින්ම එළියට බහින්න මේ හැම දේකටම ජනතා විමුක්ති පෙරමුණ අවශ්‍ය වුණා වගේම දැන් පාලනයත් ජනතා විමුක්ති පෙරමුණට ලබා දීමට කාලය එළඹිලා” මාතර දිස්ති‍්‍රක් ජවිපෙ අපේක්ෂක සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ කනංකේ මංසන්ධියේ පැවති ජනහමුවක් අමතමිනි. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා,

“මං කලින් කියපු හැම වෙලාවකටම ජනතාවට අපිව ඕනෑ වුණා. නමුත් ඡන්දය දුන්නේ නෑ. ඒත් ඡන්දය දුන්න නොදුන්න හැම කෙනාටම රට පැත්තේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන අපි මේ සියළු දේ කලා. නමුත් දැන් ජනතාව මෙවර ඒ තත්වයෙන් මිදී ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා දීම සඳහා පෙල ගැසිය යුතු කාලය එළඹ තිබෙනවා.
අද එජාපයත් සන්ධානයක් හදාගෙන අර මෛතී‍්‍රපාල මහත්තයගෙන් හැලිච්ච කට්ටියයි ඡන්දය ඉල්ලලා දිනන්න බැරි කට්ටියයි. මේ නොමිනේෂන් දෙන සතියට කලින් සතිය වෙනකන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට විජාතිකයා, පරගැතියා කියපු රතන හාමුදුරුවො රනිල් වික‍්‍රමසිංහ මහත්තයා බදා ගෙන පිරිත් නුල් ගැට ගහනවා. මෙන්න චම්පික රණවකත් ඇවිත්. චම්පික රණවක මහත්තය පටන් ගත්තෙම එක්සත් ජාතික පක්ෂය රට කනවා රට විනාශ කරනවා. ඒක නිසා මේ රට හදන්න ධර්ම රාජ්‍යයකට යනවා කියා. ධර්ම රාජ්‍ය අද වංගු ගහල ගහල ඇවිත් අන්තිමට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ළඟ නතර වුණා. ඒ ගොල්ල දැන් එක එක ඒවා කියනවා. තනියම ඉල්ලුවා නම් ඇඩ්ඩ‍්‍රසුත් නැති වෙනවා”
යනුවෙන්ද පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5263282841241501437

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item