මහින්දට මහමැතිවරණයෙන් 89% වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක්

මෙවර මහමැතිවරණයෙන් වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමත්වී තිබෙනවා. කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් එක...

මෙවර මහමැතිවරණයෙන් වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමත්වී තිබෙනවා. කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට හිමිවු ඡන්ද සංඛ්‍යාව 474,124ක්. මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මනාප ඡන්ද 423,529ක් ලබා ගත්තා. එය සන්‍ධානයට ලැබුණු ඡන්ද ප්‍රමාණය සමග සැසඳිමේ දී 89%ක ප්‍රමාණයක්.

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයට ඡන්ද 640,743ක් හිමිවුණා. රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත් මනාප ඡන්ද ප්‍රමාණය 500,566ක්. එය පක්‍ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය සමග සැසඳිමේ දී 78%ක ප්‍රමාණයක් වනවා.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් වැඩිම මනාප ප්‍රතිශතය හිමිකර ගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතායි. ඔහු ලබා ගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව එක්ලක්‍ෂ දොලොස් දහස් හයසිය හතලිස් පහක්. එක්සත් ජාතික පක්‍ෂයට එම දිස්ත‍්‍රික්කයෙන් හිමිව ඇති ඡුන්ද සංඛ්‍යාව වන එක්ලක්‍ෂ තිස්දහස් හාරසිය තිස්තුන සමග සැසඳීමේදී එය සියයට 84ක ප්‍රමාණයක්.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 728934098044791536

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item