අත කැපුණු දරුවා ශිෂත්ව විභාගය ලියයි
දර කපද්දී අත කැපී ගිය රංජන් හරීස් (10) සිසුවා අද (23) විශේෂ පහසුකම් යටතේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ...
https://www.sathhanda.com/2015/08/sri-lanka-grade-5-exam.html?m=0
දර කපද්දී අත කැපී ගිය රංජන් හරීස් (10) සිසුවා අද (23) විශේෂ පහසුකම් යටතේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කේ.හේරත් මහතා පැවැසීය.
එල්බඩ දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නෝර්වුඩ් හි එල්බොඩ වතුයායේ පදිංචි සිසුවා පසුගිය 20 වැනිදා දහවල් වම් අතේ ඇඟිලි වලට යාබදව ඒ අසලින් වෙන් වන්නට කැපීම නිසා වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරිණි.
විභාග කොමසාරිස්ගේ අනුමැතිය මත සරසවිඋයන විදුහලේ විභාග මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ පේරාදෙණිය රෝහලේදී අද නියමිත වෙලාවට සිසුවා විභාගයට පෙනී සිටියේය.
සිසුවාගේ පියා තම දරුවාට සහයෝගය ලබා දිමට කටයුතු කළ පේරාදෙණිය රෝහලේ කාර්ය මණ්ඩලයටත් සැත්කම සිදුකළ වෛද්‍යවරයාටත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ හා විභාග මධ්‍යස්ථානයේ නිලධාරීන්ටත් විශේෂ ස්තුතිය පුද කළේය.


Related