අධිකරණ නියෝගයක් මට ලැබිල නැ - මැකොට සන්ධාන ලේකම් තාම සුසිල්

ලබන සඳුදා (17) පැවැත්වෙන මහ මැතිවරණය සඳහා, එක්සත් ජනතා සන්ධානයේ ඡන්ද පොළ නියෝජිතයින් හා ඡන්ද ගණන් කරන මාධ්‍යස්ථානවල නියෝජිතයින් නම් කර ඇත්ත...

මැකො සුසිල්ගේ ලැයිස්තුව පිළිඅරන් !ලබන සඳුදා (17) පැවැත්වෙන මහ මැතිවරණය සඳහා, එක්සත් ජනතා සන්ධානයේ ඡන්ද පොළ නියෝජිතයින් හා ඡන්ද ගණන් කරන මාධ්‍යස්ථානවල නියෝජිතයින් නම් කර ඇත්තේ සුසිල් ප්‍රේම ජයන්ත මහතා විසිනි. ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ ලැයිස්තුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් පිළිගෙන ඇත.

ජනාධිපතිවරයා විසින් සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාට ඔහුගේ කටයුතු හිටපු ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත මහතාගේ අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු තහනම නිකුත් කොට ඇත.

එහෙත්, විශ්වා වර්ණපාල මහතා විසින් සන්ධානයේ ඡන්ද පොළ නියෝජිතයින් හා ඡන්ද ගණන් කරන මාධ්‍යස්ථානවල නියෝජිතයින් ගේ ලැයිස්තුවක් මැතිවරණ කාර්යාලයට වෙනම ඒවා නොමැත.

"ශ්‍රී ලංකා මිරර්" වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රකාශ කර ඇත්තේ, කොළඹ දිසා අධිකරණයෙන් තමාට කිසිඳු නියෝගයක් ලැබී නොමැති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 956929176612940687

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item