රාවනා ඇල්ලෙන් පනින්න සිවු දෙනෙක් බේරා ගනියි [PHOTOS]

රාවනා ඇල්ලට පැන දිවි නසාගැනිමට පැමිණි බව කියන පියෙක් සහ දියණියන් තිදෙනෙක් බේරාගත් බව ඇල්ල පොලිසිය පවසයි. 32 හැවිරිදි පියා සහ 12 - 8 ස...

රාවනා ඇල්ලට පැන දිවි නසාගැනිමට පැමිණි බව කියන පියෙක් සහ දියණියන් තිදෙනෙක් බේරාගත් බව ඇල්ල පොලිසිය පවසයි.

32 හැවිරිදි පියා සහ 12 - 8 සහ 5 යන වයස්කාණ්ඩවල පසුවන දියණියන් තිදෙනා අද (16දා) උදේ දියතලාව උනකන්ද සිය නිවසේ සිට බස්රථයකින් රාවනා දිය ඇල්ල අසළට පැමිණ තිබේ.

දිය ඇල්ල උඩට යන අතර එම ස්ථානයේ සිටි තරණයෙකුගෙන් ජංගම දුරකතනයක් ඉල්ලාගෙන මෙම දියණියන් තිදෙනා සිය මෑණියන්ට කතාකර ඔවුන් දියඇල්ලට පැන සියදිව නසාගන්නා බවට දැනුම් දි ඇතිබව පොලිසිය පවසයි .

සුළු මොහොතකට පසු එම දුරකථනය හිමි තරුණයාට දුරකථන ඇමතුමක් ලැබී ඇති බවත් ‘අනේ ඒ අයට ඇල්ලට පනින්න දෙන්න එපා’ යැයි දරුවන්ගේ මව ආයාචනා කර ඇති බවත් පොලිසිය පවසයි.

ලහිරු ප්‍රභාත් ජයසේකර නමැති එම තරුණයා විසින් මේබව සිය පියා දැනුම්දි ඇති අතර ඔහු ඒ බව ඇල්ල පොලිසියට දැනුම් දී තිබේ.

එසැනින් ක්‍රියාත්මක වු ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා තරුණයාගේ දුරකතනයට කතාකර පවසා ඇත්තේ පොලිසිය එන තෙක් කෙසේ හෝ ඔවුන් අල්ලා‍ගන්නා ලෙසයි.

ඒ අනුව එම තරුණයා එතැන සිට තවත් අයගේ උදව් ඇතිව ඔවුන් දියඇල්ලට පැනීම වළක්වාගෙන සිටියදි පොලීසිය විසින් ඔවුන් සිය භාරයට ගෙන ති‍බේ .

සැමියා සමග ඇතිවු පවුල් ආරවුලක් මත මෙම දියණිවරුන්ගේ මව නිවසින් පිටවී ගොස් ඇති බව පරික්ෂණ වලදි හෙළි වු බව පොලිසිය පවසයි .

2015-08-16




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2227118447611379421

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item