මාස 06කට පෙර UNP හිගන පක්ෂයක් ,මාස 06 මෙහෙම නම් මාස 60 කොහොමද ? තිස්ස අහයි
තමා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාවී සිටී කාලයේදී එක්සත් ජාතික පක්ෂයට විදුලි සහ ජල බිල්පතක්වත් ගෙවා ගැනීමට තරම් මුදල් නොතිබූ බව තිස්ස අත්...

https://www.sathhanda.com/2015/08/tissa-attanayake-speaks-about-unp.html
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් තිස්ස අත්තනායක කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මේ දිනවලදී පුවත්පත්වල ,රූපවහිනියේ මෙන්ම වෙබ් වල දැවැන්ත ලෙස දැන්වීම් ප්‍රචාරය කරමින් සිටින බවයි.මීට මාස 06කට පෙර තමන් එජාපයේ මහ ලේකම්වරයාවී සිටී කාලයේදී විදුලි බිල ,ජල බිල ගෙවා ගැනීමටවත් පක්ෂයට මුදල් නොතිබූ බව ප්‍රකාශ කල ඔහු පැවසුවේ මේ සල්ලි දැන් එජාපයට ලැබුණේ කොහෙන්ද යන්නයි.
දැනටමත් එජාපය ප්‍රචාරණ දැන්වීම් සදහා කෝටි ගණන් මුදල් වැය කර ඇති අතරම එක්සත් ජාතික පක්ෂය දැන් දකුණු ආසියාවේ මුදල්වලින් පොහොසත් විශාලතම දේශපාලන පක්ෂය බවට පත්ව ඇති බවයි ඔහු සදහන් කලේ .
Related