උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම්...

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් නිහාල් රූපසිංහ සඳහන් කළේ, ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කැබිනට් අනුකාරක සභාවේ නිගමනයට අනුව එම අනුමැතිය හිමි වූ බව ය.

උමා ඔය ව්‍යාපෘතියේ එක් උමගක් සකස් කරමින් සිටියදී පසුගිය දෙසැම්බර් මාසයේ භූගත උල්පත්වලින් ජලය කාන්දු වීම ආරම්භ විය.

එහිදී තත්පරයට කාන්දු වූ ජල ප්‍රමාණය ලීටර් 700 ක් පමණ වේ.

මේ සමග පරිසරයට ද දැඩි බලපෑමක් එල්ල වූ අතර දිය උල්පත්, ළිං සිඳීයාම මෙන් ම ගොඩනැගිලි ඉරි තැලීම් එම ප්‍රදේශ ආශ්‍රිතව විශාල වශයෙන් සිදු විය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටු වූයේ, ප්‍රදේශවාසීන් ඇතුළු පාර්ශවවලින් එල්ල වූ විරෝධය මධ්‍යයේ ය.

කෙසේ වෙතත් අද වන විට ත් එම ප්‍රදේශවල ජනතාව ජල හිඟය අතුළු ගැටලු රැසකින් පිඩා විදිති.

ඔවුන් පවසන්නේ, මේ වෙනතෙක් තමන්ට සිදු වූ හානි සඳහා කිසිදු සහනයක් හිමිව නොමැති බව ය.

2012 වසරේ ශ්‍රී ලංකා රජය උමා ඔය ව්‍යපෘතිය සඳහා ඇස්තමේන්තු කළ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 529 කි.

ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් ණය මුදලක් ලෙස ඉරානයෙන් ලබා ගැනෙයි.

වසර 5 ක් තුළ සම්පූර්ණ කිරීමට නියමිත ව්‍යාපෘතියේ ඉදිකිරීම් පැවරුණේ, ඉරාන සමාගමකට ය.

ඉරානයට ආර්ථික සම්බාධක දැමීම හේතුවෙන් 2013 වසරේ සිට ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජයෙන් මුදල් ලබා ගැනීමට සිදු වූ බව එම සමාගමේ මෙරට නියෝජිතවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, එම මුදල් ප්‍රමාණවත් පරිදි ලබා නොදුන් බව ය.

මේ වන විට වත්මන් රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ත් මුදල් ලැබුණ හොත් ඉදිරි මාස 2 ක අතුළත ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට හැකි බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඉරාන සමාගමේ නියෝජිතයා වැඩිදුරට ත් පැවසුවේ, දෙසැම්බර් වන විට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් වුවහොත් ඉරානයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙනු ඇති බව ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2584434551798791547

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item