සන්ධාන ජාතික ලැයිස්තුවට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා විසින් අ...

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා විසින් අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම ලැයිස්තුව හේතුවෙන් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුව නම් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස එමගින් ඉල්ලා ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් 45 දෙනෙකු නම් කර ඇත. ඒ අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, එක්සත් ජනතා නිදහස් සන්ධාන නව මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා, සන්ධාන ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් එස්බී දිසානායක ඇතුළු පිරිසක් ද වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7091309540173962995

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item