ජාතික ආණ්ඩුව ස්ථීරයි, දිවුරුම් දීම සැප් 2කට කල් යයි - මලික්ගෙන් නිවේදනයක්
ජාතික ආණ්ඩුවක් සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි සභාපති මලික් සමරවික්‍රම ...

https://www.sathhanda.com/2015/08/malik-samarawockrama.html
ජාතික ආණ්ඩුවක් සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා.
එහි සභාපති මලික් සමරවික්‍රම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉතා සුහදව හා ගැඹුරින් එම සාකච්ඡා සිදු කෙරුණු බවයි. එහිදී දෙපාර්ශවයටම කැපකිරීම් කිරීමටද සිදුවූ බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
ජාතියේ උන්නතිය වෙනුවෙන් එම කැප කිරීම් සියල්ල සිදුකළ බවයි මලික් සමරවික්‍ර නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. නව අමාත්‍ය මණ්ඩලය සහ නව පාර්ලිමේන්තුව සමග මාස 60 කින් අලූත් රටක් බිහි කරන අභියෝගාත්මක ගමන සාර්ථක කර ගැනීම සදහා සියලු දෙනා කැපවී කටයුතු කරන බවද මලික් සමරවික්‍රම නිකුත් කළ නිවේදනයේ සදහන්.
එම සම්පූර්ණ ලිපිය පහතින්
Related