සියවස් ගණනාවක ඉපැරණි ලිදක් මතුවෙයි
වනාතවිල්ලුව, මයිලන්කුලම, තබ්බෝව ගොවි ජනපදය ආශ්රිදතව පිහිටා ඇති මී ඔය අසල පිහිටි ගොවි මහතෙකුගේ ඉඩමක් පිළිසකර කිරීමක නිරතව සිටිය දී හදිසියේ මත...

https://www.sathhanda.com/2015/08/wanathawilluwa-alankulama-well.html
මයිලන්කුලම ගොවි ජන පදයේ පදංචි කේ.ඒ.කරුණාවති මහත්මිය වගා කටයුතු කිරීම සදහා තම ඉඩම එළි පෙහෙළි කරමින් සිටිය දී එකවරම අගල් 10- 12 අතර, ප්රතමාණයේ මැටියෙන් සකස් කරන ලද පිළිස්සූ උර කැට කැබැල්ලක් මතුව ඇති අතර,එම ස්ථානය හොදින් සෝදිස්සි කල කරුණාවතී මහත්මියගේ සැමියා වන ජී.ඩී.පියසිරි ආනන්ද මහතා විසින් උදැල්ලක ආධාරයෙන් එහි පාෂාණ ස්ථරයක් ඉවත් කිරීමෙන් සිදුකල කැණීමකදී මෙම ස්ථානයේ කුඩා ළිදක් මතුව ඇති බව ඔවුන් කියා සිටිති.
පසුව මෙම ස්ථානය පැරණි ලිදක් බවට සනාථ කර ගැනිමෙන් පසු ප්රවදේශවාසීන් කිහිප දෙනෙකුගේ ශ්රැමදායකත්වයෙන් මෙම සුද්ද පවිත්රෙකර ඇති බවත්, ඉන් අනතුරුව එහි තිබූ පස් වැලි වළං කැබිලි හා පැරණි මුහුදු සිප්පි කටු තොගයක් ගොඩ දමා තිබේ. මෙම ළිද අඩි අටකට ආසන්න වට ප්ර මාණයකින් යුක්ත අතර, අඩි 40ට ආසන්න ගැඹුරකින් යුක්ත බව කියයි.
ඉතාමත් ඉපැරණි බවට සැලකෙන මෙම ළිද මෙම නියං දිනවල මෙම පවුලේ උදවියගේ ජල අවශ්යෙතා සපුරා ගැනීම සදහා මහත් පිටු වහලක් වී ඇති අතර මෙම ළිදට දිය උල්පත් මාර්ගයෙන් ලැබෙන භූගත ජලය බීමට මිනිස් පරිභෝජනයට ඉතාමත් සුදුදු බව කියයි.
මෙම ඉපැරණි ළිද සුද්ධ පවිත්රට කිරීමේ දී කාලය නිර්ණය කිරීමට නොහැකි පිලිස්සු මැටි වළං වල කොටස් රැසක් හමුව ඇති අතර, එහි මල් බදුන් වලට සමාන නිෂ්පාදනයන් අලංකාරවත් කැටයම් භාවිතයෙන් ඔප දමා සකසා තිබූ කැබිලි හමුව තිබේ.
මී ඔය ආශ්රිපතව පෙර රජ දවස මැටි වළං ආශ්රිණත දියුණු තාකත්ෂණික කර්මාන්ත පුරයක් එහි පිහිටා තිබූ බවට පැරණි පොත පත මගින් සනාථ වී තිබේ. එසේම මෙම මයිලන්කුලම ප්රරදේශයේ සිට කුවේණිය විසුවායි පැවසෙන තම්බපන්නිය පිහිටා ඇත්තේ මීට කි.මී30 ආසන්න දුරකින් බව කියයි.
ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමක් ඇති මෙම දුර්ලබ ගණයේ ළිද පිළිබද තවමත් පුරා විද්යාි නිළධාරින්ගේ නිසි අවධානය යොමුව නැති අතර, පුත්තලම පුරා විද්යාේ කාර්යාලයේ නිළධාරින්ගෙන් විමසූ විට ඔහුන් පවසා සිටියේ එම ළිද සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත්, මෙය වසර 500ට වඩා ඉතිහාසයකින් යුක්ත බව වැඩි දුරටත් අවධාරණය කර සිටියා.
Related