මම කිසිම දිනක තජුදීන් කෙනෙකු දැන සිටියේ නැත - යසාරා අබේනායක කතා කරයි
ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තජුදීන්ගේ මරණයත් සමග කනින් කොනින් කියවෙන්නට පටන් ගත් නම් අතරින් ප්‍රධාන තැනක් ගත්තේ යසාරා අබේනායකයි. යසාරා අබේ...

https://www.sathhanda.com/2015/08/yasara-abeynnayaka-speaks-about-thajudeen.html
තව දුරටත් ප්‍රශ්න කරන dailymirror අසා සිටිනේ යසාරාගේ රාජ්‍ය තාන්ත්‍රික පත්වීම සහ තජුදීන්ගේ මරණය හා සම්බන්දතාවයක් තිබේද යන්නයි. එයට අදහස් දක්වන යසාරා පවසා සිටින්නේ "ඔය කියන තජුදීන් මියගිහින් තියෙන්නේ 2012 වසරේ. එහෙත් මට මෙම පත්වීම හම්බ උනේ 2014 මැද භාගයේ. මේ සිදුවීම සහ මගේ පත්වීම පිළිබඳව කිසිම සම්බන්දතාවයක් නෑ. එමෙන්ම යෝශිතගේ සහ මගේ ප්‍රේමය බිඳ වැටීම සහ මෙම සිදුවීම අතරත් කිසිම සම්බන්දයක් නෑ. යෝෂිතයි මමයි විවාහ ගිවිසගෙන සිටියත් අප අතර තිබු ජෝතිෂ්‍ය නොගැලපීමට පවුල් දෙකෙන්ම දැඩි විරොධයක් අවා. පවුල් දෙකම තදින්ම ජෝතිෂ්‍ය විශවාස කරනවා. යෝශිතගෙයි මගෙයි වෙන්වීමත් සාමාන්‍ය ප්‍රේමයේ බිදවැටීමක් විතරයි එහෙත් බොහෝ පිරිස් එක තමන්ට අදාල වැඩක් වගේ වැඩකලා."
එමෙන්ම ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් යසරා පවසා ඇත්තේ ඇයට මෙම කට කතා ඇති වුන වෙලේ මාධ්‍යට අදහස් දැක්වීමට අවශ්‍ය වූ බවය. "මට ගොඩක් අය කිවුව්ව මේ වගේ ඕපාදුප කටකතා වලට උත්තර දීලා අනවශ්‍ය අවධානයක් දීමට අවශ්‍ය නැති බව. ඒ වගේම මට ඕනේ කමක් තිබුනෙත් නැ මේ ඕපාදුප වෙබ් සයිට්ස් පස්සෙන් පන්නනත්. කාලයත් සමග එම කට කතා නැවතී ගියත් මැතිවරණය සමග නැවත මතුවී තිබෙනවා. මිනිස්සු හම්බ උනාම කියන කතා වලට මමත් අපේ පවුලත් බොහෝ අපහසු තාවයට දුකට පත් වෙනවා. එහෙම කිරීම යුක්ති සහගත නෑ. මේ අවස්තාවාදී මිනිසුන්ට දැනගන්න මගේ කතාවට ප්‍රසිද්ධිය ලබා දෙන්න. දවසක ඔය වාර්තා එලියට අවම සියලු දෙනා සත්‍ය වැටහ ගනීවි."
Related