මරා කුණු ගොඩට දැමූ 'ගලේවෙල තරුණයාට' පහරදුන් ඡායාරූප

මැලේසියාවේදී එරට හාම් පුතා ඇතුළු පිරිසක් විසින් පහර දීම නිසා ගලේවෙල ප්‍රදේශයේ ලාංකික තරුණයකු මරණයට පත්ව ඇති බව මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පැතිරෙනවා.

එම තරුණයාට අදාළ බව සඳහන් ඡායාරූප කිහිපයක් ද දක්නාට ඇති අතර ඒවා කැමරා කළ ඔහුගේ හිතවතකු කළ හෙලිදරවුවකට අනුව කුණු වලකට විසිකර දමා තිබු ඔහුගේ මළ සිරුර සොයා ගත් බවයි පැවසෙන්නේ.

"මෙම අති සංවේදී ඡායාරූප සියල්ල මා එලිදැක් වීමට සිතුවේ කවර ආගමක ජාතියක උනත් මෙලෙස තිරිසන් පහර දී අප ශ්‍රී ලංකිකයින් ඝාතනය කිරීම සැබවින් ම හෙළා දකිමිනි.

සිය පවූලේ අග හිගකම් පිය වීමට මැලේසියාවේ රැකියාවකට ගිය මොහොමඩ් සෆ්රීන් නමැති ගලේවෙල පුවක්පිටිය හි පදිංචි විසිහය හැවිරිදි තරුණයෙකු මැලේසියාවේදී එරට හාම් පුතු ඇතුළු පිරිසක් විසින් සතියක් පමණ සිට දස වද දී පහර දී ඝාතනය කර තිබුනේ සෆ්රීන් අතින් සේවය කල හාම් පුතාට අයත් සර්විස් ස්ටේෂන් එකකට ආපු කාර් එකක් හෝදලා රිවර්ස් කරන්න යනකොට බිත්ති යේ ගැටිලා කාර් එකට වුණු අලාබයක් හේතුවෙනි.

රුපියල් විසිදහසක් වැනි සුලු මුදලකට එම තිරිසන් හාම් පුතා ඇතුළු පිරිසක් විසින් සෆ්රීන් කාමරයක සිර කර බොන්න වතුර ටිකක් වත් නොදී අමානුෂික ලෙස වැඩ හිංසා පමුනවා සෆ්රීන් මරා දමා ඇතැයි එරට සිටි සිද්ධිය ඇසින් දුටු ශ්‍රී ලංකිකක තරුණයෙකු අප සමග පැවසු අතර සෆ්රීන් මිය යාමට මොහොතකට පෙර එම ශ්‍රී ලංකිකක තරුණයා සිය ජංගම දුරකථනයේ සෆ්රීන් අමානුෂික ලෙස දී පහර දී ඝාතනය කර ඇති අයුරුඡායාරූප ගතකර එතනින් පැන ගොස් දැඩි වෙහෙසක් දරා එරට ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලයට ගොස් මේ පිළිබද හෙළි කිරීමෙන් පසු අබිරස ලෙස මිය ගොස් කුණු වලකට විසිකර දමා තිබු සෆ්රීන් ගේ මළ සිරුර සොයා ගත අතර සෆ්රීන් ඝාතනය සුල මුල හෙළිවිනි.

එහෙත් බලාපොරොත්තු රැසක් පොඩි බැදගෙන මැලේසියාවට ගිය සෆ්රීන්ට සිදු වූ යේ නිරපරාදේ මැරුම් කෑමටය."



Tags: Mohammad Safrin, Mohammad Safri, Galewela PuwakPitiya




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Alla's wish. People can not do anything.Nothing happens against the will of Allah. Boss was just doing what Allah asked him to do.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 4563937893033888730

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item